හග්ගල උද්භිද උද්‍යානය
- 2019-05-03 16:30:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හග්ගල උද්භිද උද්‍යානය ශ්‍රී ලංකාවේ පිහිටි දර්ශනීය උද්භිද උද්‍යාන අතරින් එකකි. නුවරඑළිය සිට බදුල්ල මාර්ගයේ කිලෝ මීටර 9 ක් පමණ ගිය විට හග්ගල උද්‍යානයට ළඟා විය හැකිය.දෙස් විදෙස් සංචාරකයන් අතර ඉතාමත් ප්‍රචලිත හග්ගල උද්‍යානය අවට ඇත්තේ දැඩි සංවේදී පරිසර පද්ධතියකි. 1861 දී ඉංග්‍රීසි පාලකයන් විසින් හග්ගල උද්භිද උද්‍යානයක් බවට පත් කර ඇත. මෙය ලංකාවේ දෙවැනි උද්භිද උද්‍යානය ලෙස සැලකෙයි.
පිහිටීම
මුහුදු මට්ටමෙන් මීටර 2173 ක් උසැති හග්ගල කඳු වැටිය පාමුල මීටර 1745 ක් උසින් යුතුව අක්කර 500 ක් පමණ පුරා විහිදී යන ආකාරයෙන් මේ උද්භිද උද්‍යානය ස්ථාපිත කර ඇත. නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක දෙක යාවන හග්ගල කඳු වැටිය ආශ්‍රිතව හග්ගල උද්භිද උද්‍යානය පිහිටා ඇත.
අපූරු දායාදයක්
හග්ගල උද්භිද උද්‍යානයට ඊසාන දිග හා නිරිත දිග මෝසම් වැසි ලැබෙයි. සොබා දහමේ අපූරැ දායාදයක් වන හග්ගල දැඩි රක්ෂිතය ආශ්‍රිතව උද්‍යානය පිහිටා ඇත. උද්‍යානය තුළ ලංකාවට ආවේණික ශාක මෙන්ම විදේශීය ශාක වර්ගද ගණනාවක් දැකිය හැකිය. දේශීය මෙන්ම උප ඝර්ම කලාපීය රටවලින් හඳුන්වා දුන් ඉතා ඉහළට විහිදී ගිය රෑස්ස වෘක්ෂලතා දැක ගත හැකිය. කළු වඳුරන්ද මෙහි දැකිය හැකිවීම විශේෂත්වයකි. රෝස මල් වලට හග්ගල උද්භිද උද්‍යානය ප්‍රසිද්ධියක් උසුලයි.
Reply To:
Name - Reply Comment
0 Comments