අරලිය මල
- 2020-06-02 12:03:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අරලිය මල
ඉසුරු සුවක් ඇත සුවද නිමක් නැත
ලෝවැසියා හද සැනසෙන්නේ
ගසේ පිරී ඇත කොළ සැගවී ඇත
මනහර කුසුමන් පැතිරෙන්නේ
නටුවෙ කටුත් නැත සුවද පිරී ඇත
දැකුමෙන් සැම සිත් ඇදගන්නේ
නිමක් කොනක් නැත කවි පද නම්
ඇත අරලිය මල වෙත දිව යන්නේ
පොකුරු පොකුරු ඇත හද සැනසී ඇත
අරලිය මල වෙත දිව යන්නේ
අනන්තෙ වන තෙක් සුවද පිරී
ඇත නිවහන සුවදින් සපිරෙන්නේ
සැම නිවසෙම ඇත සිටවන්නට හැක
අරලිය මල සිත පුදමින්නේ
පුදබිම පිරි ඇත මුනිදු පුදනු ඇත
නිමල පැතුම් හදෙ පතමින්නේ
කැකුළක් ලෙස සිට උදයට පිපුණම
කුසුමක් ලෙස ලොව පවතින්නේ
හවසට පරවී පෙති හැලෙනවා මිස
කිසිදාවත් නැත වැජඹෙන්නේ
අනියත බව මිස වෙන කිසිවක් නැත
අරලිය මල අද පවසන්නේ
අරලිය මල මෙන් පිවිතුරු වේවා
නිරතුරු මගෙ හද පතමින්නේ
කේ .වී .ඒ.යූ .සෙත්මිණි
10 -ශ්‍රේණිය
බප /මිනු ඩී එස් සේනානායක මධ්‍ය මහා විද්‍යාලය මීරිගම
Reply To:
Name - Reply Comment
0 Comments