අඹ ගසක දුක
- 2019-08-16 15:51:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලස්සන ගසක් වෙමි හැම විට ඵල දරනා
මාගෙන් සැම දෙනට උපකාරත් වෙන්නා
හැම ගෙදරකම වාගේ අද මම ඉන්නා
දුකයි කියන්නට මා හට විස පොවනා
මගේ ගසේ අඹ ගෙඩි ගොඩ වැඩි වෙන්න
බෙහෙතක් ගසයි මා දරැවන් ලොකු වන්න
ඔබෙ දරැවෝ හට විස නොපොවන ලෙසින
මගෙ අඹ දරැවො හට විස නොපොවන්න
එයින් මා හට ම නොව කරදර වන්නේ
ගන්නා ඔබේ ජාතියමයි වැනසෙන්නේ
වකුගඩු රෝග හැදිලා පිළිකා එන්නේ
අවසානේ කාටත් නැත හොඳ වන්නේ
ඔබ හට විසයි නම් අපහට විස නොවෙද
එය තේරැම් ගන්න ඔබලා හට බැරිද
ඔබහට මොළේ තිබුණත් සැමට ම වැඩිය
තේරැම් ගන්න බැරිදෝ මේ පුංචි දෙය
සඳරැවන් ජයවර්ධන
8 ශ්‍රේණිය,
රණබිමි රාජකීය විද්‍යාලය, ගන්නෝරැව.
Reply To:
Name - Reply Comment
0 Comments