අරුණලු සිරි
- 2019-08-06 16:38:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ළා හිරැ රුස් රන් බඳුනෙන් ගලා හැලෙන්නේ
දලුපත් ගස් වැල්වල රන් රැවින් දිලෙන්නේ
ගංදියවර පෙළ සිලි නද දී ගල් හි හැපෙන්නේ
පරිසරයේ උදෑසනක ගීත ගයන්නේ
පිනිබිඳු තණ පියලි සිපගෙන මුතුවන් කැට සේ
සීත සුළං දසත පුරා හෝ නද දෙන්නේ
සමනල් රුල මල් ගොමුවල රොන් ඇද බොන්නේ
පාට පාට හීන ලොවක් උදයේ පෙනෙන්නේ
උදෑසනට අරැත් දිලා අපි පිබිදෙන්නේ
සුදු පිරැවට හැඩ ගැන්වී මගට බසින්නේ
අහස සිඹිමින් දවසක් අරඹන්නේ
උදෑසනක සිරි අසිරිය විදහපාන්නේ
නිර්මාල් කුමාර ජයතිස්ස
9 ශ්‍රේණිය,
ගා/ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය,
බද්දේගම.
Reply To:
Name - Reply Comment
0 Comments