අලුත් අවුරුද්ද
- 2020-04-15 11:33:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජම්බු ගහේ උඩ අත්තේ කොහා කොහෝ කියනවා
පැණි බේරෙන කජු පුහුලන් රතට රතේ දිලෙනවා
අඹ රඹුටන් ජම්බු ඉදී සුවඳ දසත හමනවා
රබන් සුරල් හඬ මැද්දේ ඔන්ච්ලි කවි ඇසෙනවා
රතු ගවොමක් ඇන්ද වගේ එරබදු ගහ පෙනෙනවා
කැවුම් කොකිස් තෙලේ බැදෙන සුවඳ නහය පිනනවා
කුඹුරේ අස්වනු සරු වී සැමට සතුට ගෙනෙනවා
රත්ඤ්ඤා පිපිරුම් මැද්දේ නව අවුරුදු ලබනවා
තරහ මරහ අමතක කොට එකාවන්ව සිටිනවා
අවුරුද්දේ සැබෑ අරුත එයයි කියා සිතනවා
එකමුතුකම සහයෝගය අවුරුද්දයි කියනවා
සහයෝගෙන් සිටියොත් සුබ අවුරුද්දක් ලබනවා
කිත්මි වික්‍රමආරච්චි,
8 ශ්‍රේණිය,
මාර/සුජාතා විද්‍යාලය,
මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments