Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලුම්බිණි උයනෙ නෙක සල් කුසුමන්     පිපුණේ
මහමායා බිසව් සිත ඒ මල් වෙත     ඇදුණේ
දෙව් බඹු මිනිස් තුන් ලෝ තල එළිය     වුණේ
තුන් ලෝ සනහනා බෝසත් උපත    වුණේ

නේරංජනා නදියට පුන්සඳ     එබුණේ
වෙසඟේ සඳ රුසින් මුළු ලෝ එකලු     වුණේ
ඇසතු රැකෙහි බෝ පත් සිලි නද     දුන්නේ
සියලුම කෙලෙස් නසමින් බුදු බව     ලැබුවේ

බුදු හිමි ප්‍රථම දම් දෙසුමට     සිතමින්නේ
පස්වග තවුසනුත් සොයමින් වැඩම     කළේ
ඇසළ සඳින් නැහැවුණු ඉසපතන     වනේ
දම්සක් දේශනාවේ හඬ පිළිරුව්     දුන්නේ

හතළිස් පස්වසක මෙහෙවර නිමා     වුණේ
කුසිනාරා නුවර වෙත හිමි වැඩම     කළේ
අකලට පිපුණු සල් මල් හිමි පා     පිදුවේ
උතුම් වෙසඟදින පිරිනිවනට     වැඩියේ

කවීෂා සෙව්මිණි තිලකරත්න
9 ශ්‍රේණිය,
ර/ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය,
ඇහැලියගොඩ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.