ආදර අම්මා
- 2020-02-17 19:15:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දස මසක්ම මා කුස තුළ දරා සිටිය අම්මා
ලොවේ ලොකුම වේදනවා විඳ බිහිකළ අම්මා
ඇඟ ලේ ටික කිරි කරවා අදරින් දුන් අම්මා
ඔබට සදා ණය ගැති වෙමි මගෙ ආදර අම්මා
හිරැ මඬලක් සේ ලෝකය එළිය කරන අම්මා
සඳ මඬලක් සේ ගනඳුර පහන් කරන අම්මා
ගංගාවක් වි සිසිලස සුවය සදන අම්මා
මඳ පවනක් මෙන් ජීවන හුස්ම පොවන අම්මා
ඉපදෙන හැම භවයකදිම මගෙ අම්මා වේවා
දුන් දිවියට ණය ගෙවන්න මා දියණිම වේවා
සංසාරේ මග කෙළවර බුදු සිරිපද ගාවා
ගෙදර බුදුන් අම්මේ ඔබ මතු සම්බුදු වේවා
සිත්මි පසින්ද්‍යා ආශිංසනී
10 ශ්‍රේණිය,
බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය,
බණ්ඩාරවෙල.
Reply To:
Name - Reply Comment
0 Comments