ආසයි මම
- 2019-07-19 10:43:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තරැ කැට පිරි අහස පුරා ඇවිද යන්න ආසයි මම
මල් පිපි මහ පොළොව මතින් දිව යන්නට ආසයි මම
නිල් දිය පිරි දිය ඇලි දෙස බලා ඉන්න ආසයි මම
මිහිරි හඬින් ලොව පිනවන කුරැලු ගීත ඇසෙයි මෙමට
සමනල ගිරි පවුර වටේ පියාඹන්න ආසයි මම
බඹරකු මෙන් නෙළුම් මලේ පැණි බොන්නට ආසයි මම
දෙනෙත් නොමැති වූවත් අද සිහින ලොවක් තිබේය මට
කනට ඇසෙන මිහිරි හඬින් ගෙනෙයි සතුට මට නිතරම
දක්නට බැහැ කුරැලු පැටවු ඇසීමටයි කුරැලු ගීත
අම්ම කියන කතන්දරයි එළිය දුන්නෙ මගේ ලොවට
යමෙක් කුමක් කීවත් දැන් දරා ගැනුම පුරැදුයි මට
මගේ සොඳුරැ මව හැමවිට ආලෝකය ගෙනෙයි මෙමට
මලීනා සෙව්මිණි
9 ශ්‍රේණිය,
ර/ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලය, රත්නපුර.
Reply To:
Name - Reply Comment
0 Comments