2025 ජුනි මස 28 ප.ව. 08:48 - {{hitsCtrl.values.hits}}
විසල්ව වැඩුණා රූස්ස ගස් යට
මිය ගිය කොළ හා දොඩමින් තරුවක්
සිටියයි මේ මහ රූ යාමේ....
හමන සුළඟ පමණයි එම මොහොතේ
මාගේ තනියට ළඟ සිටියේ...
නුපුරුදු අසරණකමින් පෙළෙන විට
හවුල් වෙන්න හැදුවෙමි ඒ දෙබසට
එම විට ඒ තරුවත් අහසින් ඇවිදින
මහ පොළොවට බැස්සයි හනි හනිකට
මිය ගිය කොළ අතරෙන් මා සෙවුමුත්
බැරි විය දැක ගන්නට එම රුව මට
තවමත් සෙවුමුත් ඒ රුව මා හට
හමුවූයේ නැත මා ප්‍රිය යෙහෙළියනේ....
ජී. ඩබ්ලිව්. අචිනි තක්ෂිලා ඒකනායක,
12 ශ්‍රේණිය,
වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලය,
මැණික්හින්න.
![]() |
diary Read more... |