2025 මැයි මස 07 පෙ.ව. 12:54 - {{hitsCtrl.values.hits}}
හිනාවක් තියාගන්න වෙලාවක් නෑ දවසේ
ගොඩගැහිලා පොත් ගොඩක් මගේ පොත් මේසේ
ගෙදර වැඩ ගණන් ගොඩ දකින කොට මනසේ
ඇතිවෙන්නෙ කැක්කුමක් හිඳනු බැහැ සුවසේ
ගහ කොළේ මඳ පවනෙ සිසිල නෑ දැනෙන්නේ
කාමරේ ඇතුළෙ සිට පොතට මුව ඔබන්නේ
විභාගය නම් කොහොම හරි සමත් කරන්නේ
සිත ඇතුළෙ කිසිම සැනසුමක් නම් නොවන්නේ
කවදාක හරි ලැබුණහොත් වෙනස් කරන්නට
ඉගෙනුමේ සියලූම දොරගුළුත් කඩන්නට
පියඹලා යන්න සතුටින් දැනුම සොයන්නට
ලබා දෙනවා ඉඩක් අහිංසක දරැවන්ට
කාවින්දි හිමාෂිකා
8 ශ්‍රේණිය,
ගා/සවුලන්ඩ්ස් විද්‍යාලය, ගාල්ල.
![]() |
diary Read more... |