ඉඩෝරය නිමයි
- 2019-10-24 09:28:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චණ්ඩ හිරැ රුස් පොළෝතලයෙන් මැකී යන්නේ
කළු වලාකුළු ආකාසයේ සැරිසරන්නේ
වැහිලිහිණියෝ රංචු ගැසී අත්තටු සලන්නේ
මහා වැස්සක නිමිති එකිනෙක පහළ වන්නේ
සැඩ සුළඟකින් ගහකොළ ඇඹරී යන්නේ
ගෙරවිලි හඬක් නගමින් දරැණු බව කියන්නේ
වැහිබිඳු එකිනෙක නළලත සිඹින්නේ
පොළෝ තලයෙන් නැවුම් සුවඳක් මතුව එන්නේ
මලානික වූ ගහකොළට යළි පණ ලැබෙන්නේ
වියළි කුඹුරට වැහි වලාහක දෙවි වඩින්නේ
සෝ බරිත වූ හදවතට සොම්නස ලැබෙන්නේ
මහා වැස්සෙන් ඉඩෝරය නිම බව කියන්නේ
සංජානා දිල්රංගි අධිකාරි
11 ශ්‍රේණිය,
කු/වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments