ඉසුඹුලන ගුරැතුමන්ට
- 2019-04-23 14:53:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිසාපාමොක් ඇදුරැ කුලයෙන් පැවත එන ගුරැ දෙවිවරැන්
පා කමල් යුග බැතිමලින් පුද පිළිගනිමු සිත් සන්තොසින්
ඥානය දී බබළවා අපෙ කිත් යසස් වැඩු දා පෙමින්
ඇදුරැ පියතුම ඔබේ නාමය නොමැකේය අපෙ දිවි තුළින්
දුන් සිප් බලය නිතරම සිහි කරවමින
යහපත් වැඩ ම නිති කරනෙමි ඔබ නමින
අප සිත් තුළ ම රඳවා දුන් ගුණ නුවණ
ඔබ වෙත කරමි ගරැ සරැ මතු දිනෙන් දින
සිප් කිරි පොවා අප දැඩි කළ පියතුමනි
ගුණ නැණ කියා දී අප රුකි සෙනෙහසිනි
අපහද තුළ මුල් බැසගත් ගුරැ පෙමිනි
ඔබෙ පා තඹර සිප වඳිනෙමි පියාණනි
කවින්ද ගවේෂ්
සී .ඩබ්. ඩබ්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය,
මතුගම.
Reply To:
Name - Reply Comment
0 Comments