උදෑසනක අසිරිය
- 2020-01-17 11:34:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කන්ද උඩින් හිරැ පායා රුස් විහිදෙන්නේ
කුරැල්ලන් ද කිචි බිචි ගා පියා සලන්නේ
කුඹුරේ වැඩ කරන ගොවින් කුඹුරට යන්නේ
මේ අලුයම සිරි ගනිමින් අසිරි මවන්නේ
පුංචි පුංචි මල් පිපිලා සුවඳ හමන්නේ
කුරැල්ලන්ද පියා සලා කෑම සොයන්නේ
ගොවි මහතුන් කුඹුරට ගොස් කුඹුර කොටන්නේ
මේ සුන්දර සිරි උදයේ අසිරි මවන්නේ
ඉරැෂි උදේශිකා හෙට්ටිආරච්චි
8 ශ්‍රේණිය,
පන්නල ජාතික පාසල, පන්නල.
Reply To:
Name - Reply Comment
0 Comments