උදෑසනේ අසිරිය
- 2019-10-24 11:26:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැ කුමරා කන්ද උඩින් එබී බලනවා
සඳ කුමරිය ඈත අහසේ ගිලිහී යනවා
මල් කුමරියො එකතු වෙලා නැටුම් නටනවා
විහඟුන්ගේ කීචි බීචි නාදෙ ඇසෙනවා
කොකුන් පෙළක් සේ ළමයින් ඈත පෙනෙනවා
පුංචි ළමෝ පාසල වෙත දුවගෙන එනවා
වෙල්යායක් නිලට නිලේ දිස්නය දෙනවා
හිරැ කිරණින් මුළු ලෝකය එළිවී යනවා
ගොවිරාලලා තම තමන්ගෙ වැඩට බහිනවා
ගෙජ්ජි හඬින් පුංචි ළමෝ කුල්මත් වෙනවා
වසු පැටියන් වැස්සිය වෙත දුවගෙන එනවා
වැස්සියගෙන් බඳුන් පුරා කිරිත් ලැබෙනවා
තරැෂ කවිශාන්
5 ශ්‍රේණිය,
ගා/මහින්ද විද්‍යාලය, ගාල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments