උදෑසන අසිරිය
- 2020-01-06 09:47:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැ කුමරා කන්ද උඩින් එබී බලනවා
ඕලු නෙළුම් මානෙල් මල් සුවඳ හමනවා
කුරැලු පැටවු පියාසලා කෑම සොයනවා
උදෑසනක අසිරිය දැක සතුටු හිතෙනවා
ගොවි මාමා උදෑසනින් කුඹුරට යනවා
පුංචි ළමයි මල් වාගේ පාසල් යනවා
හිරැ කුමරා ඒ දිහාවෙ බලා ඉන්නවා
කන්ද උඩින් පුංචි හිනාවක් ද ඇඳෙනවා
කුඹුරැ කෙතේ ගොයම් රුල්ල හොඳින් දිලෙනවා
රන්වන් පැහැයෙන් දිදුලන ගොයම පෙනෙනවා
ගිරා පැටවු ඒවා කන්න පියඹා එනවා
සොබාදමත් ඒ දිහාව බලා ඉන්නවා
රශ්මිකා සංදීපනී
8 ශ්‍රේණිය,
ගා/මල්ලිකා මහා විද්‍යාලය, ගාල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments