උදෑසන
- 2018-03-30 11:40:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැ දෙවියන් හෙමින් හෙමින් අහසේ ඈතට යන්නේ
කළු වලාව පාවී ගොස් නිල් අහසෙම පැතිරෙන්නේ
අහර සොයා ගිය විහඟුන් කැදලි කරා පියඹන්නේ
මහ වැස්සක ලකුණුත් දැන් අප සැම වෙත දිස්වන්නේ
මහ සද්දෙන් ගොරවන හඬ මුළු අහසෙම පැතිරෙන්නේ
පුංචි අපිත් බය කරමින් අකුණුත් පොළොවට එන්නේ
හෙමින් හෙමින් එක දෙක වැහි බිඳු පොළොවට වැටෙන්නේ
සුදු පාටට හිම කැට මෙන් මහ වැස්සක් වැටෙන්නේ
මහ වැස්සේ පුංචි ළමයි කඩදහි ඔරැ පා කරන්නේ
ගමන් බිමන් ගිය මිනිසුන් ගෙවල්කරා පිය මනින්නේ
මහ වැස්සක් ඇද වැටිලා මුළු පොළොවම තෙත් වන්නේ
මහ වැස්සක අසිරිය දැන් අප සැම දෙන දැකගන්නේ
සසුනි මෙතාසා
10 ශ්‍රේණිය,
බප/ජය/විද්‍යාකර බාලිකා විද්‍යාලය,
මහරගම.
Reply To:
Name - Reply Comment
0 Comments