කම්මල්කරුවා

2024 මැයි මස 13 ප.ව. 10:10 - {{hitsCtrl.values.hits}}  

හිමිදිරියේ     පිබිදෙන්නේ
මුවකට සෝදා     ගන්නේ
කුලදෙවි     නමදින්නේ
වැඩබිම බලා     පිටවන්නේ

මයිනහම ද ඇද     ගන්නේ
මිටිය ද අතට     ගනිමින්නේ
යකඩ කූර     රත්වෙමිනේ
ටාන් ටාන් හඬ     දෙන්නේ

පිහියයි කැත්තයි සාදා නිම     වන්නේ
කිරි ආතාගේ ගිරය ද ඉතිරිව     ඇත්තේ
දහඩියෙනුවි ඇඟ තෙත් වී     යන්නේ
කුසගින්න නිවා ගන්නයි යකඩ    තලන්නේ

චමිල් මධූෂ ඉන්ද්‍රජිත්
11 ශ්‍රේණිය,
පන්නල  ජාතික පාසල,
පන්නල.

දින පොත