ක්ෂේම භූමිය
- 2019-07-24 16:21:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිසරැ වූ පෙදෙසක්
කාන්තාරය නම් වූ
වැලි පිරැණු නිසරැ
හිරැ නිසා දැවෙනා
නොහැකි ය කිසිවකුට එහි
දිවි ගෙවන්නට මඳක්
නමුදු ඇත එහිත්
ක්ෂේම භූමියක්
නිසරැ දේ කරමින
වුවත් කාන්තාරයක් ඔබ
ඇත එහි ද ක්ෂේම භූමිය
කාන්තාරය පුරා දුවමින්
සොයන්නට කාලයයි මිතුරනි
ඔබ තුළ සැඟව ඇති
මනරම් ක්ෂේම භූමිය
කවීෂා දිල්ෂානි
12 ශ්‍රේණිය,
මාර/දෙනගම විපුලසාර මධ්‍ය මහා විද්‍යාලය,
මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments