2025 මැයි මස 03 ප.ව. 11:06 - {{hitsCtrl.values.hits}}
මල්ලිත් අක්කත් සමගින්නේ
නියර දිගේ මා දිව යන්නේ
පොල් කොටයේ උඩ හිඳ ගන්නේ
ඇළේ මාළු අප දැක හිනැහෙන්නේ
අම්මයි නැන්දයි ඇඹුල ගෙන
නියර දිගේ එයි විගසකින
එය දැක සැම දෙන කඩිනමින
මඩ කුඹුරෙන් දැන් ගොඩට එන
නුග ගහ යට කමතට වීලා
ඇඹුල බුදිමු අපි තුටු වීලා
සමගිය දස අත පතුරාලා
කෙතේ සිරිය යයි පැතිරීලා
විහාරා දිව්‍යාංජලී බෙලගමගේ
8 ශ්‍රේණිය,
ආනන්ද බාලිකා විද්‍යාලය,
කොළඹ 10.
![]() |
diary Read more... |