2025 මැයි මස 06 ප.ව. 03:58 - {{hitsCtrl.values.hits}}
අපේ නෙත් යුගට
අඳුර පටලන
අමාවක දා සඳ
කොහි සැඟවුණිදැයි
නොපෙනෙයි දනන් හට
ගිල ගනී රිවි මඬල
අමාවක දා සඳ
පුන් පෝදාක මෙන්
නැත අමාවක දා අසිරි
බෝ දනන් හට විටෙක
පුන් සඳක වටිනාකම
දැනුම් තේරැම් ගන්ට නම්
තිබිය යුතුමයි දිනක්
සඳ මඬල නොපායන
කවීෂා දිල්ෂානි
12 ශ්‍රේණිය,
මාර/දෙනගම විපුලසාර මධ්‍ය මහා විද්‍යාලය, මාතර.
![]() |
diary Read more... |