ගංගාවක අවසානය
- 2019-07-26 08:57:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කඳු මං තලාලා පහළට ඇදී යන
වනපෙත් මැදින් රන් සිනහව දමා යන
සිරියාවයි ගලමින් මේ ගමන් යන
ගංගාවයි සුන්දර පරිසරය මැද
දෙපසට වෙවී නැළැවෙයි මල් පොකුරැ පිටින්
පෙති ගිලිහිලා යයි ගංගා ජලය මැදින්
මින් රල ඇවිත් දක්වයි තම සතුට සිතින්
මේ හැම නිසයි ලස්සන වෙන්නේ ගගන
ගල් පරයන්නේ හැපි හැපි පෙණ දමමින් ම
අලංකාර රුලි මවමින් සතුටින් ම
අවසානය තෙක් ම බාධක ජය ගෙන ම
යන්නේ මුහුද අවසානය දැනගෙන ම
පහළට යන ගමනේ හමුවන හැම දෙන ම
එනවා බලා යන්න මා කෙතරම් ලස්සන ද
ගන්නේ ජලය මාගෙන් හැම දිනකදි ම
කැමතී දකින්නට අවසන මුහුද මම
නිසංසලා මධුෂානි හුලංගමුව
10 ශ්‍රේණිය,
මා/වීරපරාක්‍රම ද්විතීයික පාසල,
යටවත්ත.
Reply To:
Name - Reply Comment
0 Comments