2025 මැයි මස 08 පෙ.ව. 11:45 - {{hitsCtrl.values.hits}}
මිහිදුම් සළු කඳු මුදුනත වෙළෙද්දී
කුරැලු ගී නදින් මුළු ගම පිරෙද්දී
සීත සුළං මා ගත සිත දැවටෙද්දී
හදවත විවර වී යයි ඒ මොහොතේදී
නිල් පාටින් සිනිඳු සේලේ දවටා ඇඟ වට
ගං කුමරිය ගලයි ගීත මුමුණා සවනට
බණ්ඩි ගොයම රන් පාටට පැසී දිලෙන විට
සැමගේ සිත් පුරා මල් විකසිත වෙයි මෙවිට
මලේ සුවඳ ගෙන හමනා මදනල ද
පැණි බී මත්ව ගීත ගයනා බිඟු රුළ ද
ගලා හැලෙන සිසිලස දෙන දිය ඇලි ද
මේ හැර සොඳුරැ වෙන සක් සැප කුමකට ද
ගීසර නිම්නාද
11 ශ්‍රේණිය,
ගා/වඳුරඹ මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |