ගුරු අප්පච්චි
- 2020-03-13 10:32:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වියළී ගිය විසල් කතරක් මතට
වැටුණාලු දිනක
සිහින් පොද වැස්සක්
මං මුළාවූවන්
ගණිත සිප්කිරි දහර පෙවීමට
ආවාලු උගතකු
ගැලූ ඒ කිරි දහරේ පීනා
වැදී ගල්පර අතරෙ හිඳගෙන
වේදනාවෙන් ඉකිගැසූවන්
ක්ෂීරයෙන් ඔහු සැනසුවාලු
මං මුළාවූ හැමදෙන ම විගස
ආවාලු නිවැරුදි මගකට
එදෙස බලමින් එකී උගතා
අහිංසක ලෙස සිනාසුණාලු
අරැමයක් නොව සත්‍යයකි මෙය
මෙකී කතරෙහි
දිනෙන් දින දැන්
ගුණෙන් පිරිපුන් නැණෙන් හික්මුණු
වෙමින් විකසිත සුවඳ කුසුමන්
ලොවට රහසින් පිපෙනවාලු
සඳරැ සචින්ත
12 ශ්‍රේණිය,
ගා/සිරිධම්ම විද්‍යාලය,
ගාල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments