ජම්බු ගස
- 2019-05-31 13:27:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පුංචි ගසක් ඇත ඉතා කුඩා ගස ජම්බු ගහේ පැළෙ සිටුවන්නේ
උදේ සවස මට වතුර පුදන්නට කිසිදා නැත අමතක වෙන්නේ
පොහොර දමන්නට ගස වෙත යන්නට මගේ දෙනෙත් නිති බලමින්නේ
දලු දා එනකොට මගෙ ඇස් දුටු විට හදේ සතුට පිරී ඉතිරෙන්නේ
සරැපල වී ඇත සෙවණ සදනු ඇත මටත් වඩා එය උස යන්නේ
මල් පිපිලා ඇත කොළ සැඟවී ඇත පල ගැනුමට එය සැරසෙන්නේ
සතුට නිමක් නැතත සිත පිරිලා ඇත ජම්බු ගසේ පල හටගන්නේ
මද නලයට තුරැ සෙලවි සෙලවි මම තුරැ ඵල අසිරිය විඳිගන්නේ
පැළයක් සිටුවම පලයක් දැරැමට සැමදෙන අරමුණු කර ගන්නේ
දැවයක් ලැබුමට අරටුව ගැනුමට සාරය තව තව වැඩි වෙන්නේ
සෙවණක් ගැනුමට සිසිලක් විදුමට ගසකින් ලෝකය පතමින්නේ
සුසුම් පවා මගෙ ගස් සිටුවා ඇති හරිත වර්ණයට ළිය වන්නේ
කේ.වී.ඒ.යූ. සෙත්මිණි
8 වැනි ශ්‍රේණිය,
බප/මිනු ඩී.එස්.සේනානායක මහා විද්‍යාලය, මීරිගම.
Reply To:
Name - Reply Comment
0 Comments