තිලෝගුරු බුදු පියා
- 2019-03-22 10:29:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඉවසාලා
සම්මා සම්බුද්ධත්වයට පත්වීලා
තිලොව සනසා නිවනට මග පෑදූ
ගෞතම අප මුනි වඳිනෙමි සාදු
පුන්සඳ මෙන් කඳු මුදුනේ දිස්වෙන
රන්වන් සිවුරක් පොරවා දිලිසෙන
තුන් ලොවට ම මෙත් කරැණා වස්සන
අන්න බලන් බුදු සමිඳුගෙ ලස්සන
නෑදෑ හිත මිතුරන් සතුරන් හට
මෙත් කරැණා ගුණ පෑවේ සදහට
සැමටම මෙත් සිත් පැතිරිය යුතු බව
දෙසුවා බුදු හිමි සැමදින අපහට
සෙනදි රනුමිතා
5 ශ්‍රේණිය,
බප/මතු/ ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහා විද්‍යාලය,
මතුගම.
Reply To:
Name - Reply Comment
0 Comments