දහම් පාසල

2024 මැයි මස 19 පෙ.ව. 09:42 - {{hitsCtrl.values.hits}}  

ධනය නිසා මිනිසුන් පොරකන     අයුරැ
මානය මිසක සාමය නොතකන     අයුරැ
නොමගට යමින් දින දින වැනසෙන     අයුරැ
පහදා දෙන්න හිමියන් ඔබ මිස     කවුරැ

දහම් පාසලේ දෙන ඔවදන්වල     කරැණු
මිණිකැට සේ ම වටිනව අප හට     දැනුදු
හුර කර ගතොත් එහි ඇති එක එක     කරැණු
රටකට වැඩැති මිනිසුන් බිහිවෙයි     දැනුදු

මත්පැන්වලින් දුම් වැටියෙන්     ගැලවෙන්න
සතුටින් සමාදානෙන් ජීවත්     වෙන්න
ගුණදම් පිරැණු ජීවිතයක් ලැබ     ගන්න
ඉරු දින ඔබත් දහම් පාසලට     එන්න

ඉහාරා සදිත්මා රාජරත්න
9 ‍‍ශ්‍රේණිය,
බප/ගම්/ සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය,
ගම්පහ.

 

දින පොත