නිදහසේ පණිවුඩයක්
- 2019-08-02 11:22:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිවහල් බව රුකගන්නට අරගල කොතෙකුත් සිදුවිණි
දහඩිය බිඳු රැහිරැ මැදින් නවහෙටකට මග පෑදුණි
ධවල කිරීටයෙන් මිදී හෙළ දිව එක්සේසත් වුණි
ඒ නිදහස ලැබී අපට හැත්තෑ එක් වසරක් වුණි
දළදා හිමියන්ට දුන්නෙ රුකවරණය නොවී පමා
ගොංගාලේගොඩ බණ්ඩා වීර පුරන්අප්පු තමා
රට රකින්න දිවි දුන්නේ කැප්පෙටිපොළ නිලමෙ තුමා
නිදහස් සටනට උරදුන් සිංහලකම එහෙම තමා
බූටෑවේ රටේ රාල කිවුලෙගෙදර මොහොට්ටාල
සුද්දා ගැන හොඳ හැටියට තේරැම් ගත් ඇහැලේපොළ
කඩහපොලේ හාමුදුරැවො ඒ එක්කම ඩිංගිරාල
සැරින් සැරේ සටන් කළේ තිබුණු නිසයි ලේ සිංහල
ආයෙ වතාවක් ඒ වගෙ විරයන්ට දිවි පුදන්න
මේ සිරිලක එපා එයට නැවත කිසිම ඉඩක් දෙන්න
ලැබුණු නිදහසින් හොඳ දේවල් කරන්න පුරැදු වෙන්න
අතීතය ම ගුරැවරයෙක් හොඳ පාඩම් ඉගෙන ගන්න
ප්‍රතිභා සම්මානි ගුණසේකර
11 ශ්‍රේණිය,
බප/මතු/ හොරවල නවෝද්‍යා මහා විද්‍යාලය,
මතුගම.
Reply To:
Name - Reply Comment
0 Comments