2025 මැයි මස 07 පෙ.ව. 12:24 - {{hitsCtrl.values.hits}}
එක් වී එකට රූනට මැදි වී දිනෙක
පියඹන වටදි මා පැටලුණි එළූ දැලක
මර බිය පැමිණ රඟනා විට මවා සැක
හඬමින් මිතුරැ විහඟුන් පැවසුවා දුක
සුළු මොහොතකින් මා වෙළු පැටළිලි ලෙහලා
සුව විමසුවා මිනිසකු දිය බිඳු ඉහලා
සිතුමුත් මගේ රූනට එක්වෙයි කියලා
නැත හිමිවුණේ එය අද මා කොටු කරලා
කූඩුව තුළ දි සුවපහසුව ඇත නිතර
දිව රූ නොවැරදී හිමිවෙයි රස අහර
එනමුදු දුකකි කූඩුවෙ දොර නැහැ විවර
ආසයි නිදහසේ පියඹා යන්න දුර
ඉඳුනිල් රසාදරී වික්‍රමරත්න
11 ශ්‍රේණිය,
කුලි/ වීරපොකුණ වි. මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |