නියඟය
- 2019-05-03 21:04:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වැස්සක් ඇත නික්මී ගොස් දුරාතීතයේ
දූවිලි වරැසා ඇත සැම තැන සැම දිනයේ
තුරැලතා ඇඹරී ගොස් ඇත දොම්නසිනේ
නියඟයක සේයාවක් දැන් අපට පෙනෙන්නේ
පැය දවස් සති මාස ගණන් ගත වන්නේ
ඇළ දොළ ගංගා ඉරිගලා හඬන්නේ
කොක් හාමි ද ගඟ ළඟ හිඳ තපස් රකින්නේ
දිය නැති ගඟළඟ ඇයිදෝ බලා සිටින්නේ
දෙනෝදහක් දන දිය යැද හඬා වැටෙන්නේ
අසනු මැනවි දුක්ගැනවිලි මහ දෙවිඳුන්නේ
ඔබ පිහිටෙන් අප සැම ආසිරි ලැබ ගන්නේ
අප සනසනු මැන මහ වැසි ලබා දෙමින්නේ
චමිල් මධූෂ ඉන්ද්‍රජිත්
10 ශ්‍රේණිය,
කු/ගිරි/ පන්නල ජාතික පාසල,
පන්නල.
Reply To:
Name - Reply Comment
0 Comments