පරිසර සුමිහිරි මතකය
- 2019-09-20 14:53:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැ යාළුවා හෙමින් හෙමින් දෑස් අරින්නේ
කුඩා ළමෝ ඉන්නවදැයි හොයලා බලන්නේ
ගස් අතරින් වනය මැදින් පැනල දුවන්නේ
නිදිබර දෙනෙතට හිරැ රුස් ගලා බසින්නේ
විහඟ පැටවු ගීත ගයා අප සනසන්නේ
අපේ සියලු ඈළි මෑළි නැති කරවන්නේ
සිසිල් පවන් සිනිඳු පුලුන් යටින් ඇදෙන්නේ
හරිත ලියක් අප සැම දෙස බලා සිටින්නේ
නිල කොමළ සීත ගඟුල් ගලා බසින්නේ
එක අරමුණ පෙරටු කරන් ගමන් කරන්නේ
අවට ගසුත් තුරැ වදුලුත් උදවු කරන්නේ
පරිසර සුමිහිරි මතකය මෙසේ රුඳෙන්නේ
ගයානි කෞශල්‍යා
9 ශ්‍රේණිය,
මහ/උසස් බාලිකා විද්‍යාලය, මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments