පැල්පතක දිවි ගෙවමි
- 2020-01-06 09:04:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සෙවණත් ලබා ගන්නට වහලයෙ පිදුරැ
වැස්සට තෙමෙයි ඒ වහලයෙ ඇති සිදුරැ
මා රුකගන්ට හැම රූකම එන සතුරැ
කටුමැටි ගැසූ බිත්තිය වෙයි ම සොයුරැ
වැහිදා සිටිනු බෑ වහලේ ගැලවෙනවා
කටුමැටි බිත්ති හතරම ඉන් දියවෙනවා
ගොම ගෑ පොළොව හෙමිහිට ගැලවී යනවා
මොනවා කරන්නද සේරම ඉවසනවා
කළුගල් තුනක් ළිප වෙනුවට තබා ඇත
පුංචි වළංගෙඩි දෙකේ ම සිදුරැ ඇත
කුසගිනි නිවාගන්නට අල බතල ඇත
යහනක නිදාගත් දවසක් මතක නැත
පූරැවෙ කළ පවකි මම අද විඳවන්නේ
දුක් ගී ගයා සැම දින මා සැතපෙන්නේ
සැම රුය නිදන්නේ මේ ලෙස සිතමින්නේ
අද රූ මාව මරැ අරගෙන පලයන්නේ
අනුෂා ඉඳුමිණි සුබසිංහ
9 ශ්‍රේණිය,
මහ/ගම්/ ගඟසිරිපුර විද්‍යාලය,
ගම්පොළ.
Reply To:
Name - Reply Comment
0 Comments