පියාණනි
- 2019-07-31 13:59:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බෝ අය කියති මවු ගුණ
එහෙත් මේ මා හට
අම්මා ගඟක් වූ විට
පියාණනි නුඹ මහ සයුරකි
බෝ අයගෙ විඩා නිවමින්
ලෝ තලය සරසන
හැඩකාර වෙරළක්
වෙන්නැයි පැවසුවා මට නුඹ
බාධක ඒවා බෝ විට දියණියනි
රළක් වී එනකොට පියාණන්
වෙරළ වී මා දිව එන තුරැ
අස්වැසී හිඳිනු මැන
නෙයෙක් යාත්‍රා පැමිණ
නවතීවි නුඹ අසල
නෙත් යොමා සිටිනුමැන
කල්පනා සහගතව
දිනුවොතින් නුඹේ දුව ලෝකය ම
හැම රළක් පාසා ම
වැගිරේවි තුටු කඳුළු
පැවසුවා දිනෙක මට
බෝ අයගේ විඩා නිවමින්
සුන්දර වෙරළක් වී මා
පියාණන් ඉදිරිපට
හිඳින්නම් බලාගෙන
වෙරළ සුන්දර වූවොතින් නම්
සයුර ලස්සන වෙයි පියාණනි
සැරිසරන තෙක් සසර සයුරේ
පුන පුනා මා පතනුයේ
සයුර අබියස ඇති වෙරළ පට
සයුරැ රළ නැගි නැගී එන්නට
පාවාඩ වී රුඳෙන ලෙසට යි
කවීෂා දිල්ෂානි
12 ශ්‍රේණිය,
මාර/දෙනගම විපුලසාර මධ්‍ය මහා විද්‍යාලය, මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments