2025 මැයි මස 03 ප.ව. 11:35 - {{hitsCtrl.values.hits}}
ඔබේ දයාබර මුහුණත් සමගින්
රන් ටිකිරි සිනා පාමින් සිටියා
ඔබේ කරැණාව මට නැති වූදා
මහා සාගරයේ මා තනිවූවා
ගංතෙර ළඟ කජු අත්තේ ඉඳගෙන
කවි කී සැටි මට සිහිවෙනවා
පුංචි මුවින් කවි බණ දෙසනා විට
පුංචි නගා මට සිහිවෙනවා
දෑසින් මතුවුණු පිනිබිඳු අරගෙන
මගේ පිපාසය නිවා දැමූවා
හිමාලයේ මා තනිකර දාලා
නිල් දියඹේ ඇය සැඟවී ගියා
ඕවිට අද්දර මාදං කෑ දා
සිහිනෙන් වාගේ මට පෙනුණා
සොඳුරැ බලය යළි නොඑනා බව දැන
සියලු කෙසෙල් අතහැර දැමුවා
ජනීෂා කෞෂිනී
9 ශ්රේණිය්ය
බප/කැල/ වෑබඩ උතුර විද්‍යාදීප මහා විද්‍යාලය.
![]() |
diary Read more... |