මගෙ අක්කා
- 2020-02-27 09:28:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ධවල පැහැති නෙළුම් මලක් වගේය ඇගෙ සොඳුරැ මුහුණ
මැනැවින් ඔප කළ මැණික් වගේ ඇගෙ හරි හොඳ හිත
නොපෙනෙන තෙක් විහිදී ඇති සයුර මෙන් ය දැනුම කුසත්
කීමට ඇගෙ කරැණා ගුණ නැත මේ ලොව වදන් තවත්
කඩා හැලෙන දිය ඇල්ලක් වගේ ය ඇගෙ දිවි ගමනත්
ගලමින් යන ගංගාවක් වගේ ය ඇගෙ මුතු සිනහත්
සිසිලක් දෙන මාරැතයක් වගේ ය ඇගෙ කුලුණු ගුණත්
ලොව ඇති රන් නිධානයක් වගේ ය මට මගෙ අක්කත්
හංසිකා නෙත්මිණි
8 ශ්‍රේණිය.
බප/මතු/ආනන්ද ශාස්ත්‍රාලය,
මතුගම.
Reply To:
Name - Reply Comment
0 Comments