මගේ ලංකාව
- 2019-11-04 10:59:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාගේ හිරැ සඳු නුඹමයි මා ඉපදුණු පොළොව නුඹයි
වැහි බිඳුවක් සේ දිලිසෙයි මට පණ දුන් කවිය නුඹයි
සීගිරි රිටිගල කඳුවැටි රට වටකොට ඇති පවුරකි
මහ පැරකුම් විදු සක්විති නැගුවා අප ලක් මව නිති
සමනල කන්දෙන් ඇරඹී මහවැලි කළු කැලණි නදී
රන්වන් ගොයමෙන් පීදී කෙත් වතු සරැ කරන ලදී
අනෙක විහිදි නදි කොමළි ද විචිත්‍ර වූ කඳු පන්තිද
රට වටකොට සාගරය ද වැඩුවා ලක් මව නිති
මුළු ලෝකය සුවඳ කරන නිල් මානෙල් මල් දසත ම
සිරිලක වෙත සෙත සලසන ජාතික පුෂ්පය නම් ලද
ගලින් ගලට හැපී නටන නෙක නෙක දිය ඇති මනහර
පුංචි අපේ නෙත් පිනවන විහිදා යයි ලොව හැම තැන
රශිණි සඳිමිණි
10 ශ්‍රේණිය,
කොට්ටාව ආනන්ද මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments