මවකගෙ සෙනෙහස

2024 මැයි මස 08 පෙ.ව. 01:20 - {{hitsCtrl.values.hits}}  

සඳක් නැති ඒ පාළු රාත්‍රියක
තරැවක පාළු මකන්නට
නොහැකි වුණි දිවාපති හට
දහවලේ කෙතරම් රුඟූවත් 

අමාවක පෝදා අහසේ
ඇති ගනඳුර සේ
මවක් නැති දරැවකු හට
දැනෙයි පාළුව එලෙසේ

දිවාපති සේ සරණ දුන්නද
සඳ සිසිලස නොලැබෙන්නා සේ
නොලැබෙයි මවකගේ සෙනෙහස
මවක් නැති දරැවකුගේ සිත තුළ

පවනි මලීෂා
9 ශ්‍රේණිය, බප/ගම්/ ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලය, ගම්පහ.

දින පොත