මවකගේ සෙනෙහස
- 2019-12-06 10:54:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලේ කිරි කර දුන් අම්මේ
දිවා රූ නොබලා අම්මේ
වෙහෙස වෙලා අප හැදුවේ
රට ජාතියට ද අම්මේ
ලෙඩට දුකට පිහිට වුණා
ඇඬූ කඳුළින් ඔබ සිටියා
හදිස්සියක් වූ විටකදි
දෙවියන් හට කියාපෑවා
අම්මේ අපි හැදුවේ
දස මස කුසයේ තබලයි
කැත කුණු අත ගෑවේ
ආදරයක් තියෙන නිසයි
දරැ සෙනෙහස වැඩි වෙනවා
මවු සෙනෙහස පතුරනවා
අම්මේ ඔබට ණය ගැති වී
සැමදා ජීවත් වෙනවා
ෆාතිමා ෂාලියා නසාර්සින්
7 ශ්‍රේණිය,
හ/ ශාන්තමේරි ජාතික පාසල,
හම්බන්තොට.
Reply To:
Name - Reply Comment
0 Comments