මවුපිය සෙනෙහස
- 2019-09-20 13:50:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉරත් සමග තාත්තා යයි වැඩපොළට
එන්නේ ගෙදර තරැකැට දිදුලන කලට
විඩාව ඔහුගේ මුහුණේ මට පෙනෙන විට
බෙදු බත්පත කන්නට බෑ කිසිම විට
දස මාසයක් කුස තුළ මා දරාගෙන
පෙවුවා රැහිරැ කිරි උකුළත තබාගෙන
නළවයි ගයා ගී රස නිදි වරාගෙන
ඇති දැඩි කළා සුරඟන ලොවක තියාගෙන
වැඩ කෙරැවා දිවා රුයක් නොබලාම
අඩුවක් නොපෙන්වා සිටියා සැමවිටම
ගොතා කියූ ලස්සන කවි හැමදාම
ආදර්ශයක් විය මගෙ ජීවිතයටම
සුනාලි මහේෂා ජයසූරිය
9 ශ්‍රේණිය,
බප/හො/ මාපුටුගල මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments