මහ වැස්ස
- 2020-02-17 19:18:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හෝ හෝ ගා මහ හයියෙන් සුළං හමනවා
ලොකු එළියක් විහිදුවමින් අකුණු ගහනවා
මුළු අහසම දෙදරවනා සද්ද ඇහෙනවා
මුළු අහසම කළු කරමින් වැස්සක් එනවා
අම්මා මිදුලේ තියෙනා දර ඇහිඳිනවා
අපිත් ගිහින් අපෙ රෙදි ටික එකතු කරනවා
කුරැලු රූන් කැදලි කරා දැන් පියඹනවා
හිරිපොදයක් වැටිලා ලොකු වැස්සක් එනවා
පොදය ටිකෙන් ටික වැඩි වී වැස්ස වහිනවා
අපේ මිදුල වතුරවලින් දෝරෙ ගලනවා
කඩදහි ඔරැ මේ වතුරේ පා වී යනවා
පුංචි අපිත් ඒක දිහා තුටින් බලනවා
උවිඳු ඉමන්ත ජයවර්ධන
7 ශ්‍රේණිය,
ර/නවනගර කුමර විද්‍යාලය, රත්නපුර.
Reply To:
Name - Reply Comment
0 Comments