මාතෘත්වය
- 2019-05-10 11:50:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෙයින් පිරැණු නහර වැලක්
කිරට පෙරණ අම්මා
ලොවට මැව් රන් කැටියාගේ පණ
අම්මේ අයිති ඔබටයි
මම මේ ලොවේ වෙසෙන තාක්කල්
මම ගන්නා හුස්ම පොදටත්
මම හෙළනා හුස්ම පොදටත්
අම්මේ මං ඔබට ණයගැතියි
මුළු සංසාරෙම
හදට දැනුණු සතුටු බිඳක්
ඇසට දැනුණු කඳුළු බිඳත්
ඔබ විතරයි ළඟ හිටියේ
මගෙ ආදර අම්මේ
පතනවා මං එක පැතුමක්
උපදින මතු ආත්මයෙත්
ඔබේ කුස තුළම උපදින්නට
ආදර මගෙ අම්මේ
කවීශ තරැ කැලුම්
10 ශ්‍රේණිය,
ගා/ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments