මිහිරි උදෑසන
- 2019-08-09 10:59:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැ කුමරා කන්ද උඩින් එබී බලනවා
පාට පාට ලස්සන මල් පොකුරැ පිපෙනවා
තණකොළ මත පිනි මුතු කැට ලෙසින් වැටෙනවා
කුරැලු පැටවු කිචි බිචි ගා සින්දු කියනවා
පුංචි ළමයි පාසල් වෙත ඇවිදන් යනවා
ධීවරයෝ මුහුදු ගිහින් ආපසු එනවා
කුරැලු රූන් ලහි ලහියේ කෑම සොයනවා
කොක්කු රූන් සෙමින් සෙමින් පියඹා යනවා
ලස්සන මල් පොකුරැ පිපී සුවඳ හමනවා
සමනලයෝ මලින් මලට පියඹා යනවා
උදලු කරට ගත් ගොවියෝ කුඹුරට යනවා
එහෙන් මෙහෙන් හමන සුළං ගත සනසනවා
කෞමදී ප්ලාවියා
9 ශ්‍රේණිය,
මාර/ මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසල.
Reply To:
Name - Reply Comment
0 Comments