මුතු ඇටය
- 2019-12-31 20:43:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝකය මවිත කළ සිතුවම් ලකේ ඇත
ඉපැරණි රාජ පුරවරයක් තවත් නැත
විදෙසුන් මවිත කරවන සිත් සතන් වෙත
මගේ දිවයිනේ විසිතුරැ මේ ලෙසේ ඇත
සුරපුරයක් බඳු ය මගෙ පින්බර ලංකා
කිසිදා කිසිවකුට නොදෙවෙනි මගෙ ලංකා
පෙර රජ පුතුන් එක් සේසත් කළ ලංකා
පණමෙන් රකිමු දිවි හිමියෙන් ශ්‍රී ලංකා
කඳු ගං තැනිතලා හෙල්වැටිවලින් වට
ලොව ඇති එක ම සුන්දර තැන මගේ රට
ආඩම්බරෙන් මේ ගැන කිව හැකි ලොවට
මේ මුතු ඇටය රුකගමු දිවි දෙවැනි කොට
කෞෂාලි මන්දිරා ජයලත්
10 ශ්‍රේණිය,
මානියම්ගම මහා විද්‍යාලය, අවිස්සාවේල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments