මුහුද
- 2019-08-09 09:46:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මුළු රටේ ම ගංගාවන් මට හමුවෙනවා
යළි යන්නට දෙන්නෙ ම නෑ වැටක් බඳිනවා
මුතු බෙලි කටු හංගාගෙන ඒවා බෙදනවා
නිල් සළුවක මහ පුදුමෙකි පවුරැ බඳිනවා
සිහිල් සුළං රුල්ල දිදී ඔබ පිනවනවා
ගොඩදිය බාදිය මවමින් මාළු නටනවා
ඇතිවෙන නැතිවෙන රුල්ලකි සිත්තම් ලෙසිනා
මේ සමුදුර කවදා හෝ ජයක් ලබනවාව
රුල්ල මැවූ රන් මාලිග රැවින් දිලෙනවා
සැණෙන් ඇදී ඒ මාලිග අරගෙන යනවා
සිනහ වෙවී සිනහ වෙවී රුල්ල ඇදෙනවා
කාගෙත් සිත් පිනවන්නට සමතෙක් වෙනවා
සසිමාලි විකුම්ශිලා හේරත්
7 ශ්‍රේණය,
කු/ ලක්දාස් ද මැල් විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments