යළි නොඑනා ඔබ
- 2019-11-27 14:45:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආලෝකවත් වී බබළන මුත්
උදා හිරැ රුසින් මිහිතලය
ඔබට නොහැකිය හිරැ දෙවියනි
එළීය කරනට මින් මතු මගේ සිත
ලෝකය ම එක් වී හඬා වැටුණත්
වැඩිමල් වූ මට නොමැත වරම්
හෙළන්නට එක් කඳුළු බිඳක්
කුඩා මලණුවන්ගේ දෑස් ඉදිරිපිට
දුන්නා ඔබ මට මහමෙරක් තරම්
ඒත් හඳුනා නොගත්තෙමි කිසිදිනෙක
මගේ දිවි මග නිති එළිය කළ
කිසිදා නොපෙනුණ ඔබේ ආදරය
කිසිදා විශ්වාස නොකරමි මම
ගිය බව ඔබ අප තනිකර සදහට ම
නොඑන බව දැන දැනත් බලා සිටින්නෙමි
මතු කෙදිනක හෝ ඔබ එනතුරැ පියාණනි
කේ.ඒ. ඊ. නිමාෂා
13 ශ්‍රේණිය,
ගම්/රත්නාවලී බාලිකා විද්‍යාලය,
බෙම්මුල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments