රාත්‍රියක අසිරිය
- 2019-10-24 11:29:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මිහි මඩල ම එළිය කරලා හිරැ බැස යනවා
ඕලු නෙළුම් මානෙල් මල් පරවී යනවා
උදෑසනේ තිබුණු දසුන් මැලවී යනවා
රාත්‍රියක අසිරිය දැන් ළඟ ළඟ එනවා
තරැ පිරිවර සඳ රුජිනිය බබළවනවා
රූ අහසේ තරැ රටා මවනවා
සඳු කුමරිය දැකලා සුදු මල් පිබිදෙනවා
තරැ හින්දා මුළු ගුවනම දිලිසෙනවා
කුමුදු මල් ද දැන් ටික ටික විකසිත වෙනවා
පිච්ච මලුත් කඩුපුල් මල් හිනැහී එනවා
සමන් පිච්ච මල් පිපිලා සුවඳ හමනවා
සොබාදමේ අසිරිය දැක සිනා සලනවා
සිතාරා පියුමලි
8 ශ්‍රේණිය,
හ/කුඩාබෝලාන මහා විද්‍යාලය,
අම්බලන්තොට.
Reply To:
Name - Reply Comment
0 Comments