2025 මැයි මස 07 පෙ.ව. 04:46 - {{hitsCtrl.values.hits}}
පරිසරියම අඳුරැ වෙමින් වැසිලා යන්නේ
කුරැල්ලනුත් කැදලි කරා පියඹා යන්නේ
කුඩා ළමුන් පිරිසුදු වී නිවසට යන්නේ
හඳ මාමා අහස් ගැබට දැන් පැමිණෙන්නේ
සැම නිවසෙම කුඩා පහන් දැල් මතුවන්නේ
මුළු නිවසම ඒ දැල්ලෙන් එළිය කරන්නේ
ගාථා නාදය තාලෙට පැතිරී යන්නේ
රාත්‍රියේ සිරි මෙහෙමයි අපට දැනෙන්නේ
හඳහාමිත් හෙමින් හෙමින් උඩට නගින්නේ
හඳහාමිගෙ එළියෙන් මුළු ගම නැහැවෙන්නේ
රාත්‍රියේ අඳුර එයින් ගිලිහී යන්නේ
ගම පුරාම සැණකෙළියක් මෙන් දිස්වන්නේ
ගයනි එමල්ෂා
8 ශ්‍රේණිය,
බ/ඌව විද්‍යා විද්‍යාලය.
![]() |
diary Read more... |