2025 මැයි මස 06 පෙ.ව. 11:52 - {{hitsCtrl.values.hits}}
කළුවර මකාගෙන
පායා ආ පුර හඳ
ගෙන එන සඳ කැලුම්
තුළින් පිරෙයි හද පතුල
නිසසල රාත්‍රිය තුළ
ඇසෙනා රුහැයි නාදය
ගෙන්වයි බිය මා තුළට
බියෙහි වෙළී
අඳුරෙහි ගැටී
නව සිතිවිල්ලක් සඳහා
සිතිවිලි පොරබදන මොහොතේ
අඳුරට ශාප නොකර
දල්වමු පහනක්
බෙදමු ආලෝකය
සැමට
සඳුන් ඉෂාර
12 ශ්‍රේණිය,
අනුරාධපුර මධ්‍ය විද්‍යාලය.
![]() |
diary Read more... |