වද මල
- 2020-01-20 10:08:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හැම නිවසෙම ඇත සැම තැනක මඇත වද මලකිය මේ පවසන්නේ
වද මල රතු පැහැ සුවඳක් හිමි නැත බිලි පූජාවට අරගන්නේ
සුවඳ මලුත් ඇත ලස්සන පෙති ඇත නෙළමින් සැමදෙන බලමින්නේ
වද මල දැක නැත සැමට අවැසි නැත වද මලකගේ දිවි මෙය වන්නේ
අතු අග රුඳුණට මලක් ව පිපුණට මලක සිරිය මට හිමි නැත්තේ
අනියත බව මිස වෙන කිසිවක් නැත මලකින් ලෝකෙට පවසන්නේ
මුනිඳු පුදන්නට බුදුන් දකින්නට වද මලකට හිමිකම් නැත්තේ
පිච්ච මලක් වී මුනිඳු පුදන්නට ඊළඟ භවයෙදි පතමින්නේ
කේ.වී. ඒ. යු. සෙත්මිණි
9 ශ්‍රේණිය,
බප/මිනු/ඩී. එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, මිරිගම.
Reply To:
Name - Reply Comment
0 Comments