වැහි බිඳුවක්
- 2018-03-30 11:48:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නෙතු අදහනු බැහැ වැහි බිඳුවක් ඇවිදින්
තුරැපත් අතරේ මෙලෙස ගිමන් හරිමින්
වැගිරැණු කඳුළකි විහඟකුගේ දෙනෙතින්
වැහි බිඳුවක් නොව මෙය නම් කිසි ලෙසකින්
මියෙන වන්නියට සිනහ වැලක් පුදමින්
කමලක රුඳුණත් දිය බිඳුවක් විලසින්
දිවි රුකගත් පිනි කැටයකි දිනකරගෙන්
වැහි බිඳුවක් නොව මෙය නම් කිසි ලෙසකින්
මහ වරැසාවට මග සරසනා ලෙසින්
තුරැ දරැ ළමැදක සිනාසුණත් දිලෙමින්
ගිලිහුණු මුතුවකි ළඳකගෙ මුතුහරකින්
වැහි බිඳුවක් නොව මෙය නම් කිසි ලෙසකින්
ඉඩෝරයේ ඉකිබිඳිනා මගේ නෙතින්
දුටුවේ වැහි බිඳුවක් නම් මේ විලසින්
මහ රූ මොර දී වැලපෙන ගැඹුරැ සිතින්
දකින සිහිනයකි මෙය නම් නිසැක ලෙසින්
නිම්මි දෙව්මිණි
11 ශ්‍රේණිය,
බප/කැල/ ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලය, කිරිමැටියාගාර,
කඩවත.
Reply To:
Name - Reply Comment
0 Comments