වැ ස් ස
- 2019-08-07 15:59:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කළුවර වෙලා මුළු අහසම බර වෙනවා
හෝ ගා හඬින් ගස්වැල් ඇඹරී යනවා
කුරැලු කොබෙයියන් බිය වී මොර දෙනවා
මහ වැස්සක් ළඟ එන බව පවසනවා
මහ බිංදු වැටෙනවා සිසිලක් ගෙන එනවා
වතුර ගලනවා ඇළ දොළ උතුරනවා
නැවුම් බවින් ගස්වැල් හැම පිබිදෙනවා
පලබර වෙලා කෙත්වතු සරැ පල දෙනවා
විදුලි කොටනවා හෙණ හඬ පැතිරෙනවා
පුංචි ළමයි බියවීලා හැංගෙනවා
මහ වැසි වහිනවා ඇළ දොළ උතුරනවා
ගංවතුරක් ඇවිත් ගේ දොර යටවෙනවා
ගගනි ගාන්ධර්වි දෙනෙත්ති
7 ශ්‍රේණිය,
කළුතර බාලිකා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments